Sunday, July 1, 2012

                                   වලියක් වලියක් !!!!!!!



ඊයෙ රාත්‍රියෙ සිරස TV බලනකොට බ්‍රේකින් නිවුස් එකක් යනව.එක පාරටම මහා ගාලගෝට්ටයයි.නිවුස් එක ගියේ නම් මෙහෙම "අද සවස ගාල්ල පොද්දල,කාසිදෙනිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් නිසා තරමක නොසන්සුන්කාරි තත්වයක් එම ප්‍රදේශයෙන් වාර්තා වුනා".මෙන්න බොලේ ටීවි එකේ ෆට්ට වලියක් යනව.වලිය මොකක්ද කියල නිවුස් වල කිව්වෙ නෑ.ඒ මදිවට බුද්ද පුත්‍රයෝ (චීවරදාරියෝ ) කස්ටියකුත් වලිය අස්සෙ.තවත් චීවරදාරියො වගයක් පත වන්ඩි වලින් ඇවිල්ල ගේමට එන්ටර් වෙනව.කලු සුදු ඇදගත්ත මිනිස්සු කස්ටියකට ගමක කොල්ලො සෑට් එකක් එලොව එලොව ගහනව එ මදිවට අර බුද්ද පුත්‍රයෝ කියන අය වලියට තවත් උල් පන්දම් දෙනව.අවුරුදු 35ක්,40ක් විතර පෙනුමක් තියෙන අන්කල් කෙනෙක්ට අතින් පයින් හිතේ හැටියට සලකලා ඉස්කෝලෙ යන වයසෙ විතර සූටි මල්ලිල සෙට් එකක් මාර ෆන් එකක් ගන්නව( මාද්ය සදාචාරෙ කියන එක මොනවට පිලිබිබු වෙනව නෙහ්) .බැලුවයින් බලල නෑ මේ වගේ සජීවී වලියක් (සජීවී කිව්වට ඒක හයිලයිට් විතරද කොහෙදෝ පෙන්නන්නෙ,මොකද හැම වෙලේම පෙන්නන්නෙ දිගට හරහට නෙලන එව්වනෙ :පි )

                                            මෙතනින් බලන්නකො වලිය දැක්කෙ නැති අය




මම මන්නන් වෙලා ටීවී එක දිහා බලාන ඉන්නව දෑන් මොකක්ද මේ පෙන්නන්නෙ කියල තේරුම් ගන්න බැරිව.මුලින්ම හිතුවෙ අර කාටුන් පෙනුමක් තියෙන මෛත්‍රී බෝදිසත්ව සිරිවර්දන අන්කල්ටවත් කස්ටිය වට වෙලා නෙලනවද කියල.බැලින්නම් මේ එයා නෙවෙයි.සිරි දම්ම නොහොත්,සමන්ත් බද්‍ර චීවර දාරියානෙ.අයියෝ සල්ලි සුපෝගභෝගී ගනයට අයිති වෙන ෆට්ට වන්ඩියකින් ඇවිත් තියෙන්නෙ .බුදුන්ගේ සෑබෑම දේශනාව දෙසන්නලුනෙ.
                                              මෙතන වෙලා තියෙන සීන් එක ආරන්චි විදියට නම් තවත් කස්ටියක් මග හරස් කොරගෙන සමන්ත භද්‍රට දහම් දෙසන්න යන්න දෙන්නෙ නැහැලු(පව් නේද කාලෙකින් ගතමන්ට් එකක් හම්බු කොර ගන්න තිබුන චාන්ස් එකනෙ).ඉතින් මේ මහා බලගතුයි කියන දෙතිස් මහා පුරුශ ලක්ශන තියෙනවායි කියන,මගපල ලාභියාගෙ බොඩිගාර්ඩ්ල ගේමට බැහැලලු (ඔව් ඉතින් හාමුදුරුවන්ගෙ රැකියාව අහිමි වෙනව කියන්නෙ උන්ගෙත් ගතමන්ට් එක එහෙමෙහෙ වෙනව කියන එකනෙ,සල්ලි වලට වැඩ කරන මිනිස්සු වෙන්න ඇති පව්).ඔය කලු සුදු ඇදන් ඉන්නෙ එ සෙට් එකෙ අයලු.
ඇත්තටම මෙතන වෙන්නෙ මොකක්ද? ඔය ගහ මරා ගන්නෙ කොටින්ම කිව්වොත් ආගම විනාස වෙන නිසාලුනෙ.සමන්ත භද්‍ර ආගම විකුර්ති කොරල දෙසන නිසා දර්මය රැක ගන්න තමයිලු අනිත් පාර්ශවයෙ කජු කිරි කොල්ලො ටිකයි ඔය අනිත් හාමුදුරු ගොල්ලයි මෙ සමන්ත භද්‍රගෙ කස්ටියට පන්න පන්නා පහර දෙන්නෙලු (අනෙ සාදු).ඇත්තටම මෙ අර වැඩි හිටියන්ට පයින් ගහන කොල්ලො එහෙම හෙන දාර්මිකයි නෙද.හාමුදුරුවනෙ බුදුන් කියල තියෙනවාද තව කෙනෙකුට පහර දිල හරි දර්මය රැක ගන්න කියල ඇ හාමුදුරුවනෙ.එතකොට මෙ සුපොගභොගි වාහන නිවන් දකින්නද?. මට නම් පෙනෙන්නෙ දෙගොල්ලොම කරන්නෙ දර්මය විනාශ කරන එක.ඔය ගම් වල මොඩ පොඩි කොල්ලො ෆෝම් කොරල උන්ටත් පව් සිද්ද කරවන්න එපා ඈ හාමුදුරුවනෙ.නැතුව අපිට  පොය දවසට සියලු සත්වයොන්ට මයිත්‍රි කොරන්න කියල වැදි බන දෙසල.මෙ වගෙ තුප්පයි වැඩ කොරන්න ලැජ්ජාවක් නැත්ද.අපුරුයි සමාජෙට දෙන පුර්වාදර්ශය ඇ.
                                        බුදු හාමුදුරුවො දෙව දත්තටත් මයිත්‍රි කලා,ආදර්ශ මත් ව මයිත්‍රි කරන විදිය තමුන්ගෙ අනුගාමිකයොන්ට පෙන්වා දුන්න. ඔය ගුටි කෙලගන්න අයව අවුස්සන හාමුදුරුවනෙ ඔබලාට බුද්ද පුත්‍රයෝ කියන්න පුලුවන්ද.ඔබලා අපිට ආදර්ශය දෙන්නෙ.මෛත්‍රී කරන්නද වයිර කරන්නද.එහෙම බැලුවම නම් සිරි දම්මට වැඩිය දර්මය විනාශ කරන්නෙ තමුන් ලනෙ.

                                                                                                         



1 comment:

  1. බ්ලොග් පෝස්ටුවක වටිනාකම තියෙන්නෙ එහි අන්තර්ගතය මතම පමණක් නොවෙයි...භාවිතා කරන වචන, අක්ෂර වින්‍යාසය වගේ දේවල් වලිනුත් පාඨකයා තුල ඒ කෙරෙහි කැමැත්තක් ඇති කරනවා.
    ඉඳහිට වචනයක් වැරදීම නොගිනිය හැකි නමුත් මෙම පෝස්ටුවේ තත්වය නම් ඉතාමත් කණගාටුදායකයි. ප්‍රවීන බ්ලොග්කරුවන්ගේ වචන භාවිතය හා ඔවුන් අදහසක් ඉදිරිපත් කරන ආකාරය ගැන අවධානය යොමු කරන්න.පෝස්ටුව කුමක් වුවත් තරමක් නිර්මාණශීලී වෙන්න.

    බ්ලොග් ලෝකයේ දිගුගමනකට සුභ පැතුම්.!!!

    If you can please remove the word verification.

    ReplyDelete