Sunday, July 1, 2012

                                   වලියක් වලියක් !!!!!!!



ඊයෙ රාත්‍රියෙ සිරස TV බලනකොට බ්‍රේකින් නිවුස් එකක් යනව.එක පාරටම මහා ගාලගෝට්ටයයි.නිවුස් එක ගියේ නම් මෙහෙම "අද සවස ගාල්ල පොද්දල,කාසිදෙනිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක් නිසා තරමක නොසන්සුන්කාරි තත්වයක් එම ප්‍රදේශයෙන් වාර්තා වුනා".මෙන්න බොලේ ටීවි එකේ ෆට්ට වලියක් යනව.වලිය මොකක්ද කියල නිවුස් වල කිව්වෙ නෑ.ඒ මදිවට බුද්ද පුත්‍රයෝ (චීවරදාරියෝ ) කස්ටියකුත් වලිය අස්සෙ.තවත් චීවරදාරියො වගයක් පත වන්ඩි වලින් ඇවිල්ල ගේමට එන්ටර් වෙනව.කලු සුදු ඇදගත්ත මිනිස්සු කස්ටියකට ගමක කොල්ලො සෑට් එකක් එලොව එලොව ගහනව එ මදිවට අර බුද්ද පුත්‍රයෝ කියන අය වලියට තවත් උල් පන්දම් දෙනව.අවුරුදු 35ක්,40ක් විතර පෙනුමක් තියෙන අන්කල් කෙනෙක්ට අතින් පයින් හිතේ හැටියට සලකලා ඉස්කෝලෙ යන වයසෙ විතර සූටි මල්ලිල සෙට් එකක් මාර ෆන් එකක් ගන්නව( මාද්ය සදාචාරෙ කියන එක මොනවට පිලිබිබු වෙනව නෙහ්) .බැලුවයින් බලල නෑ මේ වගේ සජීවී වලියක් (සජීවී කිව්වට ඒක හයිලයිට් විතරද කොහෙදෝ පෙන්නන්නෙ,මොකද හැම වෙලේම පෙන්නන්නෙ දිගට හරහට නෙලන එව්වනෙ :පි )

                                            මෙතනින් බලන්නකො වලිය දැක්කෙ නැති අය




මම මන්නන් වෙලා ටීවී එක දිහා බලාන ඉන්නව දෑන් මොකක්ද මේ පෙන්නන්නෙ කියල තේරුම් ගන්න බැරිව.මුලින්ම හිතුවෙ අර කාටුන් පෙනුමක් තියෙන මෛත්‍රී බෝදිසත්ව සිරිවර්දන අන්කල්ටවත් කස්ටිය වට වෙලා නෙලනවද කියල.බැලින්නම් මේ එයා නෙවෙයි.සිරි දම්ම නොහොත්,සමන්ත් බද්‍ර චීවර දාරියානෙ.අයියෝ සල්ලි සුපෝගභෝගී ගනයට අයිති වෙන ෆට්ට වන්ඩියකින් ඇවිත් තියෙන්නෙ .බුදුන්ගේ සෑබෑම දේශනාව දෙසන්නලුනෙ.
                                              මෙතන වෙලා තියෙන සීන් එක ආරන්චි විදියට නම් තවත් කස්ටියක් මග හරස් කොරගෙන සමන්ත භද්‍රට දහම් දෙසන්න යන්න දෙන්නෙ නැහැලු(පව් නේද කාලෙකින් ගතමන්ට් එකක් හම්බු කොර ගන්න තිබුන චාන්ස් එකනෙ).ඉතින් මේ මහා බලගතුයි කියන දෙතිස් මහා පුරුශ ලක්ශන තියෙනවායි කියන,මගපල ලාභියාගෙ බොඩිගාර්ඩ්ල ගේමට බැහැලලු (ඔව් ඉතින් හාමුදුරුවන්ගෙ රැකියාව අහිමි වෙනව කියන්නෙ උන්ගෙත් ගතමන්ට් එක එහෙමෙහෙ වෙනව කියන එකනෙ,සල්ලි වලට වැඩ කරන මිනිස්සු වෙන්න ඇති පව්).ඔය කලු සුදු ඇදන් ඉන්නෙ එ සෙට් එකෙ අයලු.
ඇත්තටම මෙතන වෙන්නෙ මොකක්ද? ඔය ගහ මරා ගන්නෙ කොටින්ම කිව්වොත් ආගම විනාස වෙන නිසාලුනෙ.සමන්ත භද්‍ර ආගම විකුර්ති කොරල දෙසන නිසා දර්මය රැක ගන්න තමයිලු අනිත් පාර්ශවයෙ කජු කිරි කොල්ලො ටිකයි ඔය අනිත් හාමුදුරු ගොල්ලයි මෙ සමන්ත භද්‍රගෙ කස්ටියට පන්න පන්නා පහර දෙන්නෙලු (අනෙ සාදු).ඇත්තටම මෙ අර වැඩි හිටියන්ට පයින් ගහන කොල්ලො එහෙම හෙන දාර්මිකයි නෙද.හාමුදුරුවනෙ බුදුන් කියල තියෙනවාද තව කෙනෙකුට පහර දිල හරි දර්මය රැක ගන්න කියල ඇ හාමුදුරුවනෙ.එතකොට මෙ සුපොගභොගි වාහන නිවන් දකින්නද?. මට නම් පෙනෙන්නෙ දෙගොල්ලොම කරන්නෙ දර්මය විනාශ කරන එක.ඔය ගම් වල මොඩ පොඩි කොල්ලො ෆෝම් කොරල උන්ටත් පව් සිද්ද කරවන්න එපා ඈ හාමුදුරුවනෙ.නැතුව අපිට  පොය දවසට සියලු සත්වයොන්ට මයිත්‍රි කොරන්න කියල වැදි බන දෙසල.මෙ වගෙ තුප්පයි වැඩ කොරන්න ලැජ්ජාවක් නැත්ද.අපුරුයි සමාජෙට දෙන පුර්වාදර්ශය ඇ.
                                        බුදු හාමුදුරුවො දෙව දත්තටත් මයිත්‍රි කලා,ආදර්ශ මත් ව මයිත්‍රි කරන විදිය තමුන්ගෙ අනුගාමිකයොන්ට පෙන්වා දුන්න. ඔය ගුටි කෙලගන්න අයව අවුස්සන හාමුදුරුවනෙ ඔබලාට බුද්ද පුත්‍රයෝ කියන්න පුලුවන්ද.ඔබලා අපිට ආදර්ශය දෙන්නෙ.මෛත්‍රී කරන්නද වයිර කරන්නද.එහෙම බැලුවම නම් සිරි දම්මට වැඩිය දර්මය විනාශ කරන්නෙ තමුන් ලනෙ.

                                                                                                         



Monday, June 18, 2012

කුවේනිගේ  ජංගිය


ලාංකික ඉතිහාසය සම්භන්ද සිනිමා රැල්ලක් ආරම්භව ඇත .ලංකාවෙ සිනමා කලාව මෙලො රහක් නැති මෙලො දියුනුවක් නැති වලපල්ලට යන දෙයක් බවට පත්ව ඇත.ඉන්දියානු චිත්‍රපට පරමාදර්ශයට ගනිමින් නිර්මානය වෙන අපෙ හිගන චිත්‍රපටද බලනුයෙ ඉන්දියාවෙ මෙන්ම හිගන අදහස් ඇති හිගන මිනිසුන්යැයි සිතෙ.එසෙ නැති මිනිසුන් පවා මෙ චිත්‍රපට නැරබිමෙන් අදහස් වලින් හිගන්නන් බවට පත් වෙ යැයි මගෙ හැගිම.(එවැනි අදහස් වලින් ඉන්දියන් බයියන් මෙන් හිගන්නො වු ගොන්නු රැලක් ඊයෙ ක්‍රිකට් තරගය ජයග්‍රහනය කල මොහොතේ ප්‍රේමදාස පිටියේ ආරක්ශක වැටක් කඩා පිටියට ඇතුලු වී ලෝකයා ඉදිරියේ තමුන්ගෙ නොහැදියාව ප්‍රදර්ශනය කල ආකාරය ක්‍රිකට් මෑච් එක නරබපු අය දකින්න ඇතිනෙ.සමහර විට වැටක් කඩාගෙන ක්‍රිඩා පිටියකට බලහත්කාරයෙන් ඇතුලු වි සතුටු විම උන්ට ජීවිත කාලය තුල කරපු ලොකු වෑඩක් කියා සිතෙන්න ඇති).




        විජය කුවේනි චිත්‍රපටයේ එක් දර්ශනයක කුවේනි චරිතය රග පෑ නිලියගේ රෝස පාට ජන්ගිය දර්ශනය වෙන අයුරු අන්තර්ජාලයේ දක්නට ලැබුනා.මෙය දුටු අපේ පේස්බුකියේ ගම් බයියො ටික උඩ පෑන පෑන කතන්දර සෑදු අන්දම මට මතකයි.ඇතෑමෙක් කුවේනි චිත්‍ර පටයේ අද්යක්ශක තුමාට ස්තූති වන්ත වෙන අයුරු දුටුවෙමි.එ මන්ද කුවේනි සිටි යුගයේ සිංහල කාන්තාවෝ යටට ඇදිමට තරම් දියුනු සන්ස්කෘතියක් හා දියුනු සිශ්ටාචාරයක්  තිබුනු අය බව එමගින් පෙන්නන නිසාලු.ඇත්තටම වර්තමානයක් හෝ අනාගතයක් නැති.අපෙ වගේ රටකට ආඩම්බර වීමට ඇත්තේ.මෙවැනි ඉතිහාස කතා තුලින් තමයි.එනිසා තමයි කුවේනිගේ ජන්ගිය සම්භන්දව මෙච්චර කතා ගොඩක් ඇති වෙන්න ඇත්තෙත්.එය පිලිභදව අපෙ අසරනයො මහා ලොකුවට උදම් ඇනුවෙත් ඒ නිසා වෙන්න ඇති.මෙව්වට කියන්න තියෙන්නෙ හයියෙන් හු.............. කියල තමයි ඉතින්.අනේ බොල ගොන් බයියනේ නිකමො වගේ බොරු සුරන්ගනා කතා මවන්නෙ නැතිව.ලෝකය කොච්චර දියුනුද බලපන්.ඒ කරල ලන්කාවෙ තත්වෙ අවභෝද කරගනිල්ලා.රටේ අනාගතය වෙනුවෙන් වෑඩක් කරහල්ලා බොරුවට කොහෙවත් යන ජන්ගියක් අල්ලලා කතන්දර හදන්නෙ නැතිව 

මගේ අලුත් බ්ලොගය තුලින් මා බලාපොරොත්තු වෙන දෙය


අලුත් බ්ලොගයක් ඇරබුවා
                                  
                   
  • 21 වැනි සිය වසෙ පලමු දශකයත් ඉක්මවා දැවසරක් ගතව ඇත.ලංකාව තාමත් පසුගාමි යැයි සිතෙයි.අපෙ මිනිසුන්ගෙ අදහස්ද ඉතා පහත් මට්ටමක පවති යැයි සිතමි.වර්තමානයේ මාද්ය පවා එවෑනි පසු ගාමී අදහස් දරන මිනිසුන්ටම ගැලපෙන සේ සැකැසුනු ආකාරයක් පෙනේ.මෙවෑනි දෑ සම්භන්දව සියලු සීමා මායිම් බිදදමා මගේ විවේචනයන් හා මගේ අදහස් ඉදිරිපත් කිරීමට ඉරා අදුරුපට තුලින් බලාපොරොත්තු වෙමි


සියලුදෙනා තුලම  කාලින මාර්තෘකා පිලිභද වැදගත් කතිකාවතක් ඇති කිරිමට බලාපොරොත්තු වෙමි.සහ මා වෙත ලැබෙන විවෙචන ,චොදනා,පැසැසුම්,දිරිමත් කිරිම් සියල්ල එක සෙ සතුටින් භාර ගැනිමටද බලාපොරොත්තු වෙමි